You will be redirected to the script in

seconds

Wednesday, August 17, 2011


කොහොමද නංගියේ.. මල්ලියේ.. අය්යේ.. අක්කේ.. යහලුවනේ..
ගොඩ කාලෙකින් පොස්ට් එකක් දන්නා බැරි උනේ ගොඩාක් වැඩ වලට හිර වෙලා හිටපු
නිසා.. දන්නවනේ ඉතින් කැම්පස් එකේ වැඩ වල ඉවරයක් නැ කියල. එකක් ඉවර වෙනකොට
තව එකක්. ප්‍රොජෙක්ට්, පොපොසලස්, රිපෝට්ස්, එක්සැම් ඉවරයක් නැ. ඒවා අතර ඉතින් ෆන්
වැඩත් ඕනේ තරම් තියෙනවා. මම අද කියන්න යන්නෙත් කැම්පස් එකක තියෙන මැක්සාම
ෆන් වැඩක් ගැන.

අපේ ෆැකල්ටි එකේ අයත් ඔය ෆන් වැඩ වලට ගොඩක් කැමතියි.ඔයාල දන්නවද කැම්පස්
එකේදී කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළුවෙනවා කියන්නේ අයේ ඉත්න් දෙන්නටම කසාද
බදින්නම වෙනවා.යාලු වෙලා අතාරින්න නම් යාලු වෙන්න දෙන්නේ නැ. ඒ වගේම ඉතින් කැම්පස්
එකේ සම්ප්‍රදායේ හැටියට පොඩි මගුලකුත් ගන්න වෙනවා. මගුලට එන අයට ඒක පොඩි උනාට,
මනමාලයටයි, මනමලිටයි පොඩි වෙන්නෙ නැ. :D

ඉතින් අපේ කැම්පස් එකෙත් ඔය හා හා පුර කියල අතිනත් ගත්තු අපේ බොක්කේ ෆිට් කොල්ලෝ දෙන්නෙකුටයි, කෙල්ලෝ දෙන්නෙකුටයි මේ මගුල් උත්සවේ ගන්න ලෙසති කරලා තියෙනවා.
යාලුවෝ විදියට එයාලගේ අලුත් ජීවිතේට ඉතින් සුබ පතන ඒක අපේ යුතුකමනේ. ;) ඉතින් මේ මගුල් උත්සවේදී මනමාලියි, මනමාලයයි ලස්සනට ඇඳ පලද ගෙන එහෙම එන්න ඕනේ. ඇඳුම් අරන් දෙන්නෙත් අපේ යාලුවොමනේ :D තව ඉතින් චාරිත්‍ර ගොඩාක් තියෙනවා කරන්න.. :D අන්තිමට ඉතින් ජෝඩුවම පිරිසිදු වතුරෙන් (මොනවද කියල දන්නවනේ ඉතින් :D) නාවල එහෙම මුළු ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් වෙන්න කියල ආශීර්වාද කරනවා. :) අවසානයේදී මගුල් උත්සවේ ගැන පැහැදෙන අපේ මනමාල ජෝඩුව මුළු බැච් එකටම පුංචි පාටි එකක් දෙනවා. :) :) තාම ඉතින් අපේ කැම්පස් එකෙත් ඕක තාම තිබ්බේ නැ. ඉස්සරට තියන්න ප්ලැන් කරන ඉන්නවා. තිබ්බට පස්සේ තවත් විස්තර ඔයාලට කියන්නම්කො..

එහෙනම් ඉතින් මේක කියවල යන්න කලින් ඔයාලගේ මැක්සා අදහසුත් මට දීල යන්නකෝ. නැවත හමුවෙමු!